දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.1 එල් ස්ථානයේදී කාර් රථයක් හා වෑන් රථයක් අනතුරට ලක්වීමත් සමග පසුපසින් පැමිණි රථ කිහිපයක්ද වේගය පාලනය කරගැනීමට නොහැකිව එකිනෙක ගැටී තිබේ.
ඊයේ (11දා) රාත්රී 8.50 ට පමණ මාතර දෙසට ධාවනය වූ වෑන් රථයකට වම් පසින් ඉස්සර කිරීමට ගිය කාර් රථයක් වෑන් රථයේ ගැටී ඇති අතර, පසුව පිටුපසින් පැමිණි ජීප් රථයක්, ගිලන් රථයක් සහ බස් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසය පවසයි.
මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පවසන පොලීසිය, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බවද සඳහන් කරයි.