අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කැලණිය හා අවට ප්‍රදේශවලට හෙට (13දා) උදේ 9.00 සිට ප.ව 6.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව කැලණිය, වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල හා බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හොරවල පාර, මගුරුවිල පාර, විජයාරාම පාර බොල්ලෑගල ප්‍රදේශවලට හා පෑලියගොඩ, වත්තල නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට කටයුතු යොදා ඇත.