තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකමක් ලෙසත්, බල ගැන්වෙන පනතක් ලෙසත් සකස් කොට යෝජිත 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට රජය තීරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 14 වැනි වගන්තිය සංශෝධනය කර තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ඇතුළත් කිරීමට නියමිත බවත්, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන විට තොරතුරු දැන ගැනීමේ අයිතිය ද තහවුරු වන බවත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය. ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.