ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ සමයේ සිට ලබා දී තිබෙන පොරොන්දුවක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදීම සඳහා අද (02දා) කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, කැබිනට් පත්‍රිකාව පිළිබඳව පසුව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන ජයම්පති වික්‍රමරත්න මහතා සැලසුම් කර තිබේ.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන තොරතුරු දැනගැනීමේ පනත ලබන ජනවාරි මස අවසන් වීමට පෙර සම්මත කරගැනීමටද සැලසුම් කර ඇත.
මේ අතර, අද (02දා) දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන පනත කෙළින්ම පාර්ලිමේන්තුවට යොමු නොකර, ඒ පිළිබඳව සිවිල් සංවිධාන හා විද්වතුන්ගේ අදහස් ලබාගැනීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව එම ආයතනයේ වැඩසටහන් අධ්යක්ෂ ශාන් විජේතුංග මහතා සඳහන් කළේය.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන පනත තුළ යම් යම් සංශෝධන කිහිපයක් සිදුකළ යුතු බවට තම ආයතනයට දැනගන්නට ලැබී තිබෙන බවත්, මේ නිසා පනත සම්මත වීමට පෙර මෙම සංශෝධන සිදුකළ යුතු බවත් ඔහු පවසා සිටියේය.