ආණ්ඩුව විසින් ගෙනඒමට නියමිත තොරතුරු දැනගැනීමේ පනත ලබන මස 05 දා නිතිපති දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය. පනත් කෙටුම්පතේ අවසන් ලියවිල්ල නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව 07 දා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කරන බවත් ඉන් සති දෙකකට නොඅඩු කාලයකදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.