ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවප්‍රාප්ත මෑණියන් වන රාජේෂ්වරී රාමනාදන් තොණ්ඩමන් මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (18දා) පස්වරුවේ ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ, සිවගන්දේ දිස්ත්‍රික්කයේ තිරුපන්දූර්හි අම්බදූර් ග්‍රාමයේදී සිදු කෙරිණි.
ඉකුත් (16දා) රාජේෂ්වරී රාමනාදන් තොණ්ඩමන් මහත්මිය මිය යන විට අසූ (80) වෙනි වියේ පසු වූ අතර ඇය මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය දිවංගත රාමනාදන් තොණ්ඩමන් මහතාගේ ආදරණීය බිරිඳය.
අවමංගල්‍ය කටයුතු පැවති දිනයේ පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී විය.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර