තේවතු ආශ්රිතව සැරිසරන දිවියන් රක්ෂිත ප්රදේශවලට පළවා හරයි
හැටන්, කොටගල රොසිටා වතුයායේ තේවතු ආශ්රිතව සැරිසරන දිවියන් රක්ෂිත ප්රදේශවලට පළවා හැරීමේ මෙහෙයුමක් ඊයේ (13දා) ක්රියාත්මක කළ බව නුවරඑළිය වනජීවී කාර්යාලය පවසයි.
දිවියන් විශාල වශයෙන් එම වතුයායේ සැරිසැරීම හේතුවෙන් තේවතු ආශ්රිතව වැඩ කරනවතුකම්කරුවන් දැඩි භීතියකින් පසුවූ අතර, එම දිවියන් පහර දීම හේතුවෙන්වතුකම්කරුවන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.
තේවතු ආශ්රිත වතු නිවාසවල සුරතලයට ඇතිකරන සුනඛයන් පවා පසුගිය කාලයේඅතුරුදන් වූ බවත්, එම සතුන් දිවියන්ගේ ගොදුරු බවට පත්ව ඇති බවත් වතුකම්කරුවෝ පැවසූහ.
එම වතුයාය පුරා දිවියන් සැරිසැරීම හේතුවෙන්වතුකරයට යෑමද වතුකම්කරුවන් ප්රතික්ෂ්ප කර තිබිණි.
වතුයාය ආශ්රිතව සැරිසරන දිවියන් විසින් දඩයම් කර තිබූ සතුන්ගේ ශරීර කොටස්ද මෙමමෙහෙයුමේදී වනජීවී නිලධාරීන්ට නිරීක්ෂණය විය.
මෙම මෙහෙයුම තවත් දින කිහිපයක් සිදුකරන බව වනජීවී නිලධාරීහු පැවසූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


