හම්බන්තොට මහ රෝහලේ තුන්වැනි මහලේ නේවාසිකව සිටි 83 හැවැරිදි රෝගියෙකු අද (13දා) අලුයම එම මහළින් බිමට පැන මියගොස් ඇතැයි පොලීසිය කියයි. රෝගියා හම්බන්තොට සුනාමි ගම්මානයේ මෙත්තා නිවාස සංකීර්ණයේ වැඩි හිටි නිවාසයෙන් රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්රකාශකයෙක් කීය. හම්බන්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.