වත්මන් ආණ්ඩුව තෙල් මිල ඉහළ දමා එහි වගකීමද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. තෙල් මිල ඉහළ දමා තවමත් එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ පැවැති තෙල් මිලට වඩා අඩුවෙන් පවතින බවට ඔවුන් ප්රකාශ කළත් එය සසඳා බැලිය යුත්තේ ලෝක වෙළඳපොළේ තෙල් මිල සමග බවද ඔහු 'අද' කළ විමසීමකදී පැවැසීය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලෝක අර්බුදය හේතුවෙන් තෙල් මිල ඉහළ අගයක පැවැතියත් වර්තමානය වන විට එම තෙල් මිලට වඩා අඩුවෙන් ලෝක වෙළඳපොළ තුළ තෙල් සපයන බවත් මන්ත්රීවරයා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ඉන්ධන ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 4.5ක් වැයවුවත් වර්තමානය වන විට එම අගය ඩොලර් බිලයන 2ක් බවට අඩුවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව වසර තුනක කාලය තුළ ආණ්ඩුවට අවම වශයෙන් ඩොලර් බිලියන 7.5ක් ඉතිරි වී ඇති බවත් එයට කුමක් සිදුවූයේදැයි ආණ්ඩුව ප්රකාශ නොකරන බවත් මන්ත්රීවරයා පවසයි.
එසේම එම මුදල් නිසියාකාරව කළමනාකරණය කළේ නම් ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප්රමාණය වීම අවම කර ගත හැකිව තිබුණ බවත් ඔහු පැවැසීය.