තුර්කියේ ඉස්මීර් නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් හා වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ප්රහාරයෙන් තවත් පුද්ගලයන් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
නව අවුරුදු උදාව සිදුවූ රාත්රියේදී ඉස්තාම්බුල් නගරයේ සිදුවූ ප්රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සිදුවූයේද මෙම ඉස්මීර් නගරය ආශ්රිතවය.
එහිදී, මෙම නගරයේදී අත්අඩංගුවට පත් වැඩිදෙනා උයිගුර් ජනවර්ගයට අයත් බව සැලකුණු අතර, ඔවුන් චීනයේ ෂින්ජියෑන්ග් කලාපයෙන් පැවත එන පිරිසකි. චීනය තුළ සිදුවන ඉස්ලාමීය ත්රස්ත ප්රහාර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නේද මෙම උයිගුර් ජනවර්ගයයි.

.jpg)
.jpg)
.jpg)
.jpg)