කුඹුරු ඉඩම් ගොඩකිරීම සඳහා විධිමත් ලෙස කරුණු සොයාබලා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා තෙක් කුඹුරු ඉඩම් ගොඩකිරීම සඳහා අවසර ලබානොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවටඋපදෙස් ලබා දී තිබේ.
අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ,බස්නාහිර පළාතේ කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර ඉල්ලා අයදුම්පත් 3,500ක් මේ වන විට ලැබී ඇති බවත්,එහෙත් නිසි ක්‍රමවේදයකින් තොරව ඉඩම් ගොඩකිරීමට කිසිදු අවසරයක් ලබා නොදෙන බවත්ය.
ඇතැම් ඉඩම්වල අගට යෙදෙන දෙණිය, පිල්ලෑව, කුඹුර වැනි වචන හේතුවෙන් ඒවා ගොඩකිරීමට අවසර ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවට දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පෙන්වා දී ඇති අමාත්‍යවරයා, අයදුම්පත් ලද පමණින් කුඹුරු ඉඩම් ගොඩකිරීම සිදු කළහොත් ඉදිරියේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඉදිරිපිට එහි නාම පුවරුව වෙනුවට ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුව ලෙස සඳහන් කිරීමට සිදුවනු ඇති බවද සඳහන් කර ඇත.
අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඇතැම් කුඹුරු ආර්ථික වශයෙන් ඵලදායී නොවන ඒවා වුවද, බස්නාහිර පළාතේ බොහෝ කුඹුරු ඉඩම් වී වගාව හෝ වෙනත් අතුරු බෝග වගාවන් සඳහා යොදාගත හැකි ඉඩම් වන බවයි.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත්වීම මත විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තෙක් කුඹුරු ඉඩම් ගොඩකිරීමසඳහා අනුමැතිය ලබානොදෙන බව ටඅමාත්ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර ඇත.