තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගොනු කළ පෙත්සම මේ මස 26 සහ 27 යන දිනවල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
මෙම පෙත්සම අද කැඳවු අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙසය.මෙම පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස අග්‍රවිනිශ්චකාරවරයා තමාට උපදෙස් ලබාදී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති විනිසුරු ඊවා වනිසුන්දර මහත්මිය සඳහන් කළේය.