තමාට නියෝජ්‍ය කථානායක තනතුරින් ඉවත්වීමට අවශ්‍ය බවට ඊයේ (23දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා සිටි බව තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
මෙම තනතුර ස්වාධීන වුවත් ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට තමන්ද ඇතුළත් නිසා තමන් විසින් මෙවැනි තනතුරක් දැරීම හෘද සාක්ෂියට එකඟ නොවන නිසා අප්‍රේල් 18 වැනිදා ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් බවද පවසා සිටියේය.
ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදී නොවන වැඩපිළිවෙළ නිසා තවදුරටත් නියෝජ්‍ය කථානායක ධුරයේ දැරීමට නොහැකි බවද හෙතෙම පැවසීය.
එහෙත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එකඟතාව මීට හිමි නොවූ නිසා නියෝජ්‍ය කථානායක ධුරයේ සිටීමට සිදු වුවත් මේ වසරේ ජනවාරි මාසයෙන් පසු කථානායක අසුනේ වාඩි වී නොමැති බවත් මේ නිසා තනතුරින් ඉවත් වීමට ඊයේත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද සඳහන් කළේය.