තැපැල් දෙපාර්තමේන්තුව තුළ ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම මස 10 දා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
නව බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඇතිකර ගැනීම සඳහා අද (03දා) තැපැල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවද එම සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ නිසා 10 දා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට අද (03දා) තීරණය කළ බව හෙතෙම පවසා සිටියේය.