මුද්දර අලෙවිය, කුරියර් සේවා, මුදල් ඇනවුම්, ජාත්‍යන්තර තැපෑල ආදී මාර්ගවලින් තැපැල් දෙපාර්තමේන්තුවට මෙතෙක් දෛනිකව ලැබුණු රුපියල් කෝටි 15කට වැඩි ආදායම තැපැල් සේවක වැඩවර්ජනය හේතුවෙන් අහිමිවී තිබෙන බව තැපැල්පති රෝහණ අභයරත්න මහතා අද (14දා) පැවසීය.
වැඩවර්ජනය ආරම්භ කළ පළමු දින දෙකේදී රුපියල් මිලියන 18ක් වශයෙන් ආදායම ලැබී තිබුණද ඊයේ(13දා) සහ අද දිනයේදී කිසිදු මුදලක් එකතුවී නැති බවද තැපැල්පතිවරයා මෙහිදී සඳහන් කළේය.
විදේශවලින් තැපෑලට එවා තිබුණු ලිපි හා පාර්සල් අඩංගු ලොරි දහයක් කටුනායක ගුවන්තොටුපලේ රඳවා තිබෙන බවද තැපැල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අභයරත්න මහතා පැවසීය.
තැපැලේ ලිපි හා පාර්සල් ලක්ෂ 15ක් ගොඩගසා ඇතැයි පළවන වාර්තා අසත්‍ය බවත්,වැඩවර්ජනය ආරම්භ කළ අවස්ථවේ සිට ලිපි හෝ පාර්සල් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
තැපැල් අමාත්‍යංශය, මධ්‍යම තැපැල් හුවමාරුව, ප්‍රධාන තැපැල් කාර්යාල, උපතැපැල් කාර්යාල වැඩවර්ජනයට සම්බන්ධ වී සිටින බවද තැපැල්පතිවරයා මෙහිදී පවසා සිටියේය.