පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා ජනවාරි 22, 25 සහ 26 යන තෙදින ප්රකාශයට පත් කර තිබේ.
මෙහිදී 25 හා 26 යන දෙදින තුළ තැපැල් ඡන්ද අධීක්ෂණ කටයුතු කරන මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට, දිස්ත්රික් ලේකම් කාර්යාල නිලධාරීන්ට සහ ආරක්ෂක කටයුතු සිදුකරන පොලිස් නිලධාරීන් සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා ජනවාරි 22 වෙන් කර ඇත.
සෙසු තැපැල් ඡන්ද දායකයන්ට ඡන්දය ප්රකාශයට පත් කිරීම සඳහා ජනවාරි 25 හා 26 යන දෙදින වෙන් කර තිබේ.
තැපැල් ඡන්ද ලැයිස්තු ජනවාරි 08 වැනිදා සහතික කර, 11 වැනිදා තැපැල් ඡන්ද පත්රිකා තැපැල් කාර්යාලවලට බාරදීමට නියමිතය.