තම පියා ඝාතනය වීමට යන බව තමන් මෙන්ම තම පවුලේ පිරිස් දැනගෙන සිටි බවත්, ඔහු ඝාතනය කළ පුද්ගලයන්ට තමන් මෙන්ම තම සහෝදරිය වන ප්රියංකා ගාන්ධි සම්පූර්ණ වශයෙන්ම සමාව දීමට කැමැති බවත් ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායක මෙන්ම හිටපු ඉන්දීය අග්රාමාත්ය රජිව් ගාන්ධි මහතා පුත්රයා වන රාහුල් ගාන්ධි පැවසීය.
සිංගප්පූරුවේ පැවැති වැඩසටහනකදී ඔහුට යොමු වූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් රාහුල් මේ බව සඳහන් කළේය.
තම පියා මෙන්ම තම මිත්තණිය වූ මෙන්ම ඉන්දීය හිටපු අගමැතිනී ඉන්දිරා ගාන්ධි මහත්මිය ඝාතනය කිරීමට යන බවද සිය පවුල දැනගෙන සිටි බව රාහුල් පවසා සිටියේය.
“අවුරුදු ගණන් අපි ගොඩක් කනගාටුවෙන් මෙන්ම වේදනාවෙන් සිටියා. නමුත් සම්පූර්ණයෙන්ම අපි සමාව දෙන්න කැමැතියි. දේශපාලනයේදී වැරදි බළකා සමග ඔබ ගැටුණොත් හෝ ඔබ යමක් වෙනුවෙන් නැගී සිටියොත් ඔබ මැරෙනවා.
අපි දැනගෙන සිටියා මගේ පියා මැරෙන්න යන බව. අපි දැනගෙන සිටියා මගේ මිත්තණිය මැරෙන්න යන බව. මගේ මිත්තණිය මා සමග කිව්වා ඇය මැරෙන්න යන්නේ කියලා. මගේ පියාට මම කිව්වා ඔහු මැරෙන්න යන්නෙ කියලා” යැයි රාහුල් ප්රකාශ කළේය.
ඉන්දිරා ගාන්ධි මහත්මිය 1984 දී ඝාතනය ලක්වූ අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් රාහුල් ගාන්ධි මහතා 1991 දී මැතිවරණ රැලියකදී ඝාතනය කරන ලදී.
(එන්.ඩී.ටී.වි. ඇසුරෙනි)