රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන්ගේ මරණය අනතුරක් නිසා සිදුවූවක් නොවන බවත් එය ඝාතනයක් බවත් ඔහුගේ මරණය පිළිබඳ අවසන් වාර්තාවෙන් පවසා තිබේ.
ඔහුගේ මරණය පිළිබඳව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා ප්රමුඛ කණ්ඩායම සකස්කළ වාර්තාව ඊයේ (03දා) අධිකරණයට ඉදිරිපත් කරන ලදීෙ
තාජුඩීන් අදාළ අවස්ථාවේදී සිය මෝටර් රථය පදවා නොමැති බවත් ඝාතනය කළ ඔහුගේ සිරුර රියදුරු අසුන මත තබා ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.
මිහිදන් කළ තාජුඩීන්ගේ සිරුර ගොඩ ගෙන නැවත අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් කෙරිණි.
තාජුඩීන්ගේ බෙල්ලට, පාදයට හා පපුවට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් සිදුව තිබෙන බවත් වාර්තාවේ සඳහන් වෙයි.