වරදක් සිදුකර ඇත්නම් පොලීසියේ හෝ ත්‍රිවිධ හමුදාවේ කිසිවෙකුටත් නීතියෙන් ගැලවී සිටීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
වරදක් කළහොත් ඔහුට නීතියෙන්සේම විනය ක්රියාමාර්ගවලින්ද දඬුවම් ලැබෙන බවද ඔහු පවසා සිටියේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සහ කොමදෝරු පී.කේ.ඩී.පී.දසනායක මහතා අත්අඩංගුවට ගැනීමෙන් මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර තිබෙන බවද අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.