දීර්ඝකාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව ඉවත්වීමට ලබාදී තිබෙන කාලය මේ මස 31 වැනිදායින් අවසන් බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය සඳහන් කරයි.
මේ අනුව එදිනට හෝ ඊට පෙර සේවයට වාර්තාකර නීත්‍යනුකූලව ඉවත් නොවන සියලුම දෙනා අත්අඩංගුවට ගන්නා බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක බ්රි‘ගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගන්නා සියලුමදෙනාට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.
දෙසැම්බර් 01 වැනි දින සිට මේ මස 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වන පොදු සමා කාලය තුළදී ඊයේ (25දා) දිනය වන විට ත්‍රිවිධ හමුදා නිලධාරීන් 22 දෙදෙනෙකු හා සෙසු නිලයන් 4876 දෙනෙකු නීත්‍යානුකූලව ඉවත්වීමට සේවයට වාර්තාකර තිබෙන බවද සඳහන් කළේය.
දැනට සිදුකර තිබෙනා සොයාබැලීම්වලට අනුව නිලධාරීන් 242දෙනෙකු හා සෙසු නිලයන්ට අයත් සාමාජිකයන් 51400 ක ප්‍රමාණයක් සේවය අතහැර ගොස් සිටින බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
මේ අනුව ඊයේ දිනය වන විට සේවයට වාර්තා කළ ප්‍රමාණයට අනුව නිලධාරීන් 220ක් හා 46,524ක් නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින බවද කියා සිටියේය.
ලබා දී තිබෙනා පොදු සමා කාලය දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන බවත්, එය කිසිදු ආකාරයකින් දීර්ඝ නොකරන බවද පවසා සිටියේය.