ත්රිරෝද රථයක් සොරකම් කර පලායමින් සිටි පුද්ගලයෙකු පෙරේදා (27දා) රාත්රියේ අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිටිමින් රැකියාවක නියුතුව සිටින ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු පෙරේදා (27දා) රාත්රියේ දුම්මලකොටුව ප්රදේශයේ තිබූ සංගීත සන්දර්ශනයක් නැරඹීමට පැමිණ සිටි පුද්ගලයෙකු සතු රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා ත්රිරෝද රථයක් සොරකම් කර පලායමින් සිටියදී දංකොටුව - කටානවත්ත මාර්ගයේදී ත්රිරෝද රථය පෙරළීගොස් තිබේ.
දංකොටුව -කටානවත්ත මාර්ගයේ ත්රිරෝද රථයක් පෙරළී ඇති බවට දංකොටුව පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් එහි ගොස් පරීක්ෂා කිරීමේදී අදාළ ත්රිරෝද රථය සොරකම් කරන ලද්දක් බවට අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු රෝහල්ගත කිරීමට පොලීසිය කටයුතු කර ඇත.
ත්රිරෝද රථයේ හිමිකරු පොලීසියට පැමිණිලි කර පැයක් ඉක්ම යෑමටත් පෙර ත්රිරෝද රථය සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.