ත්‍රිපිටකය 21 වැනි සියවසින් පසු ලෝකයා වෙත දායාද කිරීම හෙවත් ත්‍රිපිටකයට හඬ මුසු කිරීම (TRIPITAKA VOICE RECORDING) කටයුත්ත ආරම්භ කෙරිණි.
දැනට මුද්‍රත පොත් 56 කින් යුතු ත්‍රිපිටකයෙහි පාලි භාෂාවෙන් යුතු සියළු සූත්‍ර සජජායනා කිරීම මේයටතේ සිදුකෙරෙන අතර ජාත්‍යන්තර වෙසක් දින සැමරුම වන විට එය එළිදැක්විමට නියමිතය.
මේසඳහා ශබ්ධාගාර 57 ක් තුළ භික්ෂුන්වහන්සේලා 57 නමක් සම්බන්ධකරගනිමින් ත්‍රිපිටකයට හඬ මුසු කිරීම සිදුකෙරෙන බව මෙහිදී අදහස් දක්වමින් ත්‍රිපිටක හඩ කැවීමේ මෙහෙයුම් කමිටුවේ ලේකම් පුජ්‍ය අම්බුළුගල සුමංගල හිමියෝ පැවසූහ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ රජයේ දායකත්වය ඇතිව මෙම වැඩසටහන සිදුකරන බවද උන්වහන්සේ පැවසුයේ අද(07දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය