ත්‍රස්තවාදය අවසන් කිරීමේ ප්රතිලාභ මේ වනවිට රටට ලැබෙමින් පවතින බැවින් මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
එජාප ආණ්ඩුවක් තුළින් මෙවැනි සහන ජනතාවට කිසිසේත්ම ලබාදිය නොහැකි බවද, මෙවර ප්‍රදේශ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 50කට වඩා ලබා දී ඇති බවද අමාත්‍යවරයා පැවසුවේ අද (30දා) ශ්රීලනි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.