ජාතික අධ්‍යාපනයේ පාලක සභාවෙන් මහාචාර්යය ජයදේව උයන්ගොඩ මහතා හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඉවත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඔවුන් වෙත ලිපි යොමු කර තිබුණ බව ඊයේ වාර්තා වුවත්, තවත් මහාචාර්යයවරු දෙදෙනෙක් එම තනතුරුවලින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
මහාචාර්ය ජයතිලක මහතා හා මහාචාර්ය සෙනෙවි එපිටවත්ත යන මහත්වරුන්ද එයින් ඉවත් කොට ඇති තිබේ. මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමට අදහස් දක්වමින් ආචාර්යය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසුවේ සමස්ත පාලක සභාවම ඉවත්කර ඇති බව පෙනෙන්නට තිබෙන බවයි.