තලෛයි මන්නාරම මාර්ගයේ මඩුපාර දුම්රිය ස්ථානය හා මුරුන්කන් දුම්රිය ස්ථානය අතර මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ මස 26 වැනිදා උදෑසන 9.00 සිට මාර්තු 02 වැනිදා දක්වා කාලය තුළඅදාළ මාර්ගය වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම කාලය තුළ මැදවච්චිය, තලෛයිමන්නාරම්තොට අතර හා තලෛයිමන්නාරම්තොට හා මැදවච්චිය අතර දුම්රිය මගීන්ට බස් සේවා ක්රියාත්මක කරන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අංක 5868 දරණ දුම්රිය මැදවච්චිය පසුකළ පසු 26 වැනිදා මාර්ගය වසා දමන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.