අලි වැටක් ඉල්ලා තලාව මොරගොඩ ප්රදේශවාසීන් සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් තලාව අනුරාධපුර ප්රධාන මාර්ගයේ ගමනාගමනයට අද (01දා) බාධා සිදුවිය.
තම ගම්මානයට නිරන්තරයෙන් අලි කඩා වදින හෙයින් අලි වැටක් ඉදිකර දෙන ලෙස ඉල්ලා 200කට ආසන්න පිරිසක් ප්රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ. පොලීසිය විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ගමනාගමන කටයුතු මෙහෙය වූහ.