තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලියේදී පදක්කම් දිනූවන් අගයයි
සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවරදී පසුගියදා පැවැති විසිපස් වැනි අන්තර්ජාතික තරුණ විද්‍යාඥයන්ගේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී එහි රන් පදක්කම් ජයග්‍රහණය කළ සිසුන් තිදෙනාගේ ඉදිරි පර්යේෂණ අධ්‍යයන කටයුතු වෙනුවෙන් ‘සුභග’ ශිෂ්‍යත්ව අරමුදල යටතේ මාසිකව රු.3000 බැගින් වසර 2ක් සඳහා ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදී තිබේ.
එම දරුවන් ඇගයීම වෙනුවෙන් සිය ප්‍රධානත්වයෙන් අද (09දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවිධානය කර තිබූ විශේෂ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් අධ්‍යාපන ආයතනවලද පර්යේෂණ සම්බන්ධව උනන්දුව ඇති කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා, පාසල් සිසුන් පර්යේෂණ සඳහා යොමු වීම අගය කළ යුතු බවද සදහන් කළේය.
මෙවර මෙම අන්තර්ජාතික තරුණ විද්‍යාඥයන්ගේ සමුළුව පැවැත්වූයේ ද්වීතියික පාසල් සිසුන් අභිමුඛ කරගත් පර්යේෂණ පදනම් වූ තරගාවලියක් ලෙසිණි.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






