ගෙවී ගිය 69 අවුරුද්ද පුරාම බලයටපත් සෑම ආණ්ඩුවක්ම බලයට පත්වූයේ ජනතා ගැටලු ඉදිරියට දමාගෙන බවත්, එහෙත් බලය ලබාගත් පසු එම ගැටලු අමතක කර දමන බවත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා මහතා සඳහන් කළේය.
මේ නිසා රට ආපස්සට යමින් තිබෙන බවත්, මෙම සංස්කෘතිය නවතා දැමීමට තරුණ පරම්පරාවට කටයුතු කළ යතු බවත් අද (15දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ජනතා ගැටලු විසඳන බවට බලයට පත්වූ ආණ්ඩුවල සිටි පිරිස් පවා පසුගිය කාලයේදී ජනතා ගැටලු විසඳන ලෙස ඉල්ලා කාර්යාලවල මේස උඩ හා මහපාරේ අරගල කළ බවද ඒ මහතා පවසා සිටියේය.
එහෙත් ජනතා ගැටලු විසඳන ලෙසට මහජන නියෝජිතයන්ට ඒ ආකාරයට කටයුතු කළ නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනතාව සෑම මහජන නියෝජිතයෙකුම පත්කර ගෙන තිබෙන්නේ ජනතා ගැටලු විසඳාගැනීමට බවත්, මේ නිසා මහජන නියෝජිතයන්ට ජනතා ගැටලු විසඳන ලෙස ඉල්ලා අරගල කිරීමට නොහැකි බවද හෙතෙම පවසා සිටියේය.
පසඳ යාපා මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා බණ්ඩාර මහතාගේ පුත්‍රයා වෙයි.
.jpg)