තඹුත්තේගම තිස්පනේපුර අසලදි ඩිමෝ වර්ගයේ ලොරි රථයක් සහ ත්රිරෝද රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනෙක් ජීවතක්ෂයට පත්ව ඇත.
ත්රිරෝද රථයේ ගමන්ගත් දස හැවිරිදි දරුවෙකු ඇතුලු සිවු දෙනෙකු මෙසේ මියගොස් ඇත.හුරිගස්වැව සහ ගල්නැව ප්රදේශයේ පදංචි කරුවන් පිරිසක් මෙසේ මියගොස් ඇත.
අනතුරින් ලොරි රථයේ ගමන්ගත් පුද්ගලයන් සිවු දෙනෙකුද තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇත. තඹුත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.