තමිලිනිගේ අවසන් කටයුතු පරන්තන්හිදී
මහරගම පිළිකා රෝහලේදී පිළිකා රෝගයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ නායිකාව ලෙස කටයුතු කළ තමිලිනී නොහොත් සුබ්‍රමනියම් ශිවහාමිගේ අවසන් කටයුතු ඊයේ (20දා) සවස පරන්තන්,ශිවපුරම් පොදු සුසාන භූමියේදි සිදුකෙරිණි.
1972 මැයි මස 23 උපත ලද තමිලිනි පරන්තන් හින්දු මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර, 1990 වසරේ යාපනයට පිවිස,1991 වර්ෂයේදීඑල්.ටී.ටී.ඊ. සංවිධානයට එක්ව ඇත. ඇය යාපනය පිහිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා පුහුණු පාසලෙන් මූලික යුද පුහුණුව ලබා ඇත.
තමිලිනී යුද්ධය නිමාවීමෙන් අනතුරුව සහන කඳවුරු තුළ ජීවත්වන අවස්ථාවේ 2009 ජුනි මාසයේදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව,පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබා සමාජගත වූවාය.
සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දියණිය වූ තමිලිනිගේ පියා ඇය කුඩා අවධියේම ජීවිතක්ෂයට පත්ව ඇත.මිය යනවිට 43 හැවිරිදි වියේ පසුවූ තමිලිනිගේ දේහය ජෙයකුමාරන් නමැත්තෙකු විසින් බාරගත් බව පොලීසිය පැවසීය.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

