නිල සංචාරයක් සඳහා තජිකිස්ථාන ජනාධිපති එමිමෝලි රෝමන් මහතා අද(12) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර තජිකිස්ථාන් ජනාධිපතිවරයා ලබන 14 වන දින දක්වා මෙරට රැදී සිටීමට නියමිතය.
තජිකිස්ථාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා අග්රාමාත්යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙයි.