තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට සකස් කර තිබෙන සැලැස්ම පරාජය කිරීම සඳහා දියත් කර ඇති සත්යග්රහ ව්‍යාපාරයට අද (10දා) දිනට දින 50ක් ගත වී ඇතැයි රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
එහෙත් එම ක්‍රියාමාර්ගයට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැති හෙයින් ලබන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට තීරණය කළ බවද එම සංගමයේ ලේකම් ඩී.එම්.සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට ගන්නා උත්සාහය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවට සහභාගි වෙමින් මේ බව කී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ තක්සේරු දෙපාර්තමේන්තුව බේරාගැනීම සඳහා මේ වනවිට ක්ෂේත්රගත රාජකාරිවලින් හා සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගන්නා ඉඩම් තක්සේරු කිරීමේ කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද දියත් කර තිබෙන බවයි.
ලබන සතියේ සිට අනෙකුත් රාජකාරි කටයුතුවලින්ද ක්‍රම ක්‍රමයෙන් ඉවත්ව සිටීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.