රජයේ තක්සේරුකරුවන් දියත් කරන වෘත්තීය ක්රියාමාර්ගයට මෙතෙක් ප්රතිචාර ලැබී නොමැති බැවින් හෙට (05දා) සියලුම සංවර්ධන කටයුතුවල ඉඩම් අත්පත් කර ගැනීම් පිළිබඳ තක්සේරු කටයුතු සිදුනොකරන බව රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
රජයේ තක්සේරු සේවාව පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මීට අමතරව දේශපාලන බඳවා ගැනීම සිදුකරන බවත් එම සංගමයේ ලේකම් ඩී.එම්. සෙනවිරත්න මහතා සඳහන් කරයි.
මීට එරෙහිව අඛණ්ඩ සත්යග්රහයක් මේ වනවිට ක්රියාත්මක කරමින් සිටින බවත්, එම අඛණ්ඩ සත්යග්රහයේ තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරනය කිරීම නවතා දමා දේශපාලන බඳවා ගැනීම් නවතා දමන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය ක්රියාමාර්ගය දියත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.