තක්සේරු දෙපාර්තමේන්තුවට රැක ගැනීමට තක්සේරු නිලධාරීන් විසින් සිදු කරනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගයට විසඳුම් නොලැබීමෙන් තක්සේරු නිලධාරීන් නව වසර උදාව සැමරුවේ සත්යග්රහ භූමියේදී බව රජයේ තක්සේරු නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට ගන්නා උත්සාහය පරාජයට පත්කිරීම, දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම හා නව බඳවා ගැනීමේ පටිපාටිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මෙම සත්යග්රහ ව්‍යාපාරය පවත්වන බවද එම සංගමයේ ලේකම් ඩී.එම්. සෙනවිරත්න මහතා සඳහන් කළේය.
පසුගිය නොවැම්බර් 22 වැනිදා සිට ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ සත්යග්රහ ව්‍යාපාරයට අද (01දා) දිනයට දින 41ක් ගතවී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
අදාළ ක්‍රියාමාර්ගවලට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම සතියේ සිට ඉදිරි ක්‍රියාමාර්ග දියත් කිරීමට තීරණය කළ බවත්, සිදුකරන ක්‍රියාමාර්ග පිළිබඳ ලබන 04 වැනිදා ප්‍රකාශයට පත්කරන බවද ඔහු සඳහන් කළේය.