තංගල්ල හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර, ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය රංචු ගැසී දූෂණය කිරීමේ වරදට 20 අවුරුදු සිරදඬුවම් නියමව සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ නැමැත්තාට ඇප ඉල්ලා ඉදිරිපත්කොට ඇති පෙත්සම ලබන ජූනි 03 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද තෙන්නකෝන් ලිවේරා මහත්මිය තීරණය කළාය.
තීන්දුවට එරෙහිව ඉදිරිපත් කොට ඇති අභියාචනය විභාග කරන තෙක් තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් සම්පත් විදානපතිරණ නැමැත්තා ඉදිරිපත් කොට ඇති ඇප අයදුම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් ඒවා ලිඛිතව මහාධිකරණ කාර්යාලයට භාර දෙන ලෙස විනිසුරුවරිය රජයේ නීතිඥවරියට නියම කළාය.