හුංගම ප්රදේශයට බලපා ඇති අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් තංගල්ල - කතරගම මාර්ගයේ කිලෝමීටර් 8 ක පමණ දුරක් ජලයෙන් යටව ඇතැයි පොලීසිය පවසයි. ඒ අනව එම ප්ර දේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර තංගල්ල ප්ර දේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් තංගල්ල - වීරකැටිය මාර්ගය, තංගල්ල- තිස්ස මාර්ගය ජලයෙන් යටවී ඇති බවත් පොලීසිය පවසයි.