ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා පැවති සිය මැතිවරණ ප්රචාරක රැලියට බාධා කළ පිරිස් වහා අත්අඩංගුවට ගන්නා ලෙස පැවසීය.
ඊට පෙර දින චිකාගෝ නුවර පැවති රැළිය වෙත එල්ල වූ විරෝධතා හේතුවෙන් එම රැලිය අවලංගු කිරීමෙන් පසුව, මෙසේ මිසුරි හි කන්නාස් නගරයේ පැවති රැලිය තුළ සිදුවූ බාධා කිරීම්වලදී ට්‍රම්ප් උරණ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ට්‍රම්ප් සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය අතරතුර වරින් වර ඉදිරිපත්කළ මුස්ලිම් විරෝධී ආකල්පය මෙසේ ප්රතිරෝධයක ලෙස ඔහු වෙත එල්ල වී ඇති අතර, මේ තුළ ඔහු සමග මැතිවරණ සටනේ නිරත සෙසු අපේක්ෂකයන්ද ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කර දැමීමට මෙය අවස්ථාවක් කරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
කන්සාස් නගර නෘත්‍ය ශාලාවේ පැවති මැතිවරණ ප්රචාරක රැලිය වෙත විශාල පිරිසක් සහභාගී වී සිටියත්, එම ශාලාව තුළ වරින් වර ඔහුගේ දේශනයට බාධා පැමිණි අවස්ථාවේ ට්‍රම්ප් පොලීසියට පවසා ඇත්තේ ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.