පාසල්, රාජ්ය ආයතන හා අනෙකුත් ආයතනවල ඩෙංගු මදුරුවන් පැතිරීමට ඉඩ සැලසෙන පරිදි කටයුතු කරන අයට එරෙහිව ඔවුන්ගේ පෞද්ගලික නමින් නඩු පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කොළඹ හා තදාසන්න ප්ර දේශවල අවිධිවත් ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීම හා ඩෙංගු රෝග ව්යාපත්විය පාලනය කිරීම සඳහා ගතයුතු පියවර අනුව මෙම තීරණය ගෙන තිබේ.
කසල බැහැර කිරීම සඳහා මහජනතාවගේ නිසි සහයෝගය නොලැබීමත් රාත්රී කාලයේදී අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම වැඩි වශයෙන් සිදුවීමත් නිසා මෙම පියවර ගෙන තිබේ.
මීට අමරතව,
අවිධිමත් ලෙස කසළ බැහැර කෙරෙන පොදු ස්ථාන නිරීක්ෂණය කිරීම පිණිස CCTV කැමරා සවි කිරීම හා ඒවායින් ලබාගන්නා දර්ශන ජංගම දුරකථන මාර්ගයේ මෙහෙයුම් මැදිරි නිලධාරීන්ට අධීක්ෂණය කළ හැකි ක්රම‘වේදයක් සැකසීම,
කොළඹ හා තදාසන්න ප්රදේශවල පිහිටි සියලුම ඉදිකිරීම් ස්ථානවල, එකී ඉදිකිරීම්වල නෛතික හිමිකරුගේ කොන්ත්රාත්කරුගේ හා අනෙකුත් අදාළ තොරතුරු ඇතුළත් නාම පුවරු සවිකිරීම අනිවාර්ය කිරීම,
ඇතුළුවිය නොහැකි පරිදි අගුළු දමා වසා ඇති නිවාස හා දේපළවලට ඇතුළු වී පරීක්ෂණ කටයුතු පැවැත්වීමටත්, ඔවුන්ට විරුද්ධව නීතිමය ක්රියාමාර්ග ගැනීම පිණිස මහජන ආරක්ෂක පනත යටතේ රෙගුලාසි පැනවීම,
යන තීරණද ගෙන තිබේ.