ඩෙංගුවලට ඔරොත්තු දෙන එන්නතක් ඉදිරි වසරක කාලයක් තුළදී මෙරටට හදුන්වා දීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඩෙංගුවලට ඔරොත්තු දෙන එන්නතක් ප්‍රංශය විසින් සකස් කර තිබෙන බවත්, එම එන්නත මෙරට තුළ භාවිත කළ හැකිද යන්න මේ වනවිට සොයා බලමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව ලෝකයා විසින් තවත් එන්නතක් පිළිබඳව සොයා බලමින් සිටින බවත්, මෙම එන්නත මෙරට තුළ භාවිත කිරීමට හැකි තත්ත්වයක පැවැතියහොත් තවත් වසරක කාලයක් යනවිට එම එන්නත භාවිත කිරීමට හැකියාව ලැබෙන බවද ඔහු සඳහන් කළේය.