ඩිවිලියර්ස් ගැන වැඩිය හිතන්න එපා - මුරලි
- 17 03 2015
- 11:02
- {{hitsCtrl.values.hits}} views
- . .
දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව හෙට (18දා) පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු නායක ඒ.බී. ඩිවිලියර්ස් ගැන තැකීමක් නොකර යුතු බවත් කාසියේ වාසිය ජයග්‍රහණය කළ යුතු බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මුත්තයින් මුරලිදරන් සඳහන් කරයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මුරලිදරන්ගේ කොළමය සඳහා අදහස් එක්කරමින් ඔහු මේ බව පපවසා තිබේ.
මුරලිගේ කොළමයෙන් උපුටා ගැනීම
ශ්‍රී ලංකා කණ්ඩායමට හා ඇන්ජලෝ මැතිව්ස්ට මට කියන්න පණිවුඩ දෙකක් තියෙනවා. කාසියේ වාසිය දිනන්න, ඒ.බී. ඩිවිලියර්ස් ගැන වැඩිය හිතන්න එපා කියලයි.
කාසියේ වාසිය මේ තරගයේ තීරණයේදී විශේෂ කාර්යක් කරයි කියලා මට හිතෙනවා. දත්ත අනුව සිඩ්නි පිටියේ මුලින් පන්දුවට පහරදෙන කණ්ඩායම් 58%ක් පමණ ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒක හොඳ පිටියක් මම මේ පිටියේ එක්දින තරග 8ක් ක්‍රීඩාකර තිබෙනවා.
ඔබට මේ පිටියේදී ලකුණු 300 සීමාව පසුකළ හැකිනම් ඔබගේ පන්දුයැවීම හොඳටම දුර්වල වුණත් ඔබ පහසුවෙන් රියදුරු අසුනක සිටිනවා වගේ හැකීමක් දැනෙයි.මේ පිටියේ ලකුණු වල තිබෙන වැදගත්කම ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ඔස්ට්‍රේලියාව පෙන්නුවා.
කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් හා දිනේෂ් චන්දිමාල් හොඳින් ක්‍රීඩාකළා. ඉනිම පුරාවටම නිල ලකුණු ලබා ගැනීමට පන්දුවාරයකට ලකුනු හතකට වඩා ඉහළින් තබා ගැනීම තරමක් අපහසුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
