රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විහිලු සපයන්නෙක් වී ඇති බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි. මොනරාගලදී පැවැති උත්සවයකදී ඔහු පැවැසුවේ ආණ්ඩුවේ බෙදීමක් ඇති බවට ඩිලාන් පෙරේරා පැවැසුවත් එවැනි බෙදීමක් නැති බවයි.
එසේම වත්මන් ජාතික ආණ්ඩුව පෙරළීමට කිසිවෙකුට නොහැකි බවත් 2017 වර්ෂය වත්මන් ආණ්ඩුවේ හොඳම වර්ෂය වෙනු ඇති බවත් ඔහු පැවැසීය. එසේම ජාතික ආණ්ඩුවට මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 160ක් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.