ටෙන්ඩර් කැඳවුවත් බලපත්‍ර නෑ
අධිවේගී මාර්ගවල මගී අවශ්‍යතාව මත තවත් බස් රථ 80කට බලපත්‍ර ලබාදීමට පසුගිය වසරේ ටෙන්ඩර කැඳවනු ලැබුවත් මෙතෙක් එම බස්රථවලට බලපත්‍ර ලබාදී නැතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
අධිවේගී මාර්ගවල මගී අවශ්‍යතාව බස්රථ 100 ඉක්මවා ගොස් තිබෙන බවත් මේ නිසා බස් රථ හා ඒ සමාන වාහන 150කට අධික ප්‍රමාණයක් නීතිවිරෝධී ආකාරයට දෛනිකව මගී ප්‍රවාහන කටයුතුවල නිරත වන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය.
මෙම රථවාහන 150කට අධික ප්‍රමාණය සාමාන්‍ය වාහන ගාස්තු යටතේ ධාවනය වන බවත් එහෙත් ලංකාවේ නීතිය අනුව මගී ප්‍රවාහනයට බලපත්‍ර ලබාගත යුතු බවද පවසා සිටියේය.
බස්රථ බලපත්‍ර ලබාගැනීමට ටෙන්ඩර කැඳවූ අවස්ථාවේදී එක් බලපත්‍රයක වාර්ෂික ආවම ලංසු මුදල රුපියල් ලක්ෂ 25ක්වූ බවද සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
