ජෙරුසලම් නගරය ඊශ්‍රායල් අගනුවර වශයෙන් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් පිළිගැනීම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තරයේ හෙළාදකී.
ජෙරුසලම් නගරය පලස්තීනු රජයේ සහ ඊශ්‍රායලයේ අගනුවර වශයෙන් ජාත්‍යන්තරය පිළිගෙන තිබෙන අවධියක, එයට එරෙහිව ඇමෙරිකානු ජනාධිපතිවරයා ක්‍රියාකර තිබීම පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂය වෙනුවෙන් එහි නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා විරෝධය පළකර ඇත.
රවුෆ් හකීම් මහතාගේ නිවේදනයේ මෙසේද සඳහන් කර තිබේ.
" ට්‍රම්ප්ගේ ප්‍රකාශ‘යෙන් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් පැහැරහැර ඇති අතර, මෙම ක්‍රියාවෙන් පලස්තීනයේ සහ ජෙරුසලමේ අරාබි ඉතිහාසය විකෘති කිරීමේ උත්සාහයක්ද පෙන්නුම් කෙරේ.
ජෙරුසලම ඒක දේව විශ්වාසය තහවුරු කරන ආගම් තුනක් පිළිපැදූ ජනතාවගේ ඓතිහාසික භූමිය වේ.
ඇමෙරිකාවේ මෙම අලුත් ස්ථාවරය මෙම ආගමික වෙනස්කම් අතර පරතරයක් ඇතිකරන ක්‍රියාවක් මෙන්ම, පලස්තීන ඊශ්‍රායල් අතර එකඟතාවක් ඇති කිරීමට බාධකයන්ද ඇති කෙරේ.මෙය එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ තීරණවලට එරෙහි වන කලාපයේ සාමයට බාධා ඇති කරන දෙයක්ද වේ.
එම නිසා සාමයට අකුල් හෙළන ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන ඇමෙරිකාවේ මෙම තීරණය ඉවත් කරගන්නා ලෙසද ඉල්ලා සිටියි."