රුපියල් කෝටි 4කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ටයිටේරියන් වර්ගයේ වාලම්පුරි බෙල්ලෙක් සමග පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඊයේ (31දා) රාත්රියේ වත්තලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් අවුරුදු 31,34,36,හා 37 යන වයස්හි පසුවූ මරදාන, වැල්ලම්පිටිය, ග්රෑන්ඩ්පාස් යන ප්ර දේශවල පදිංචිකරුවෝ වෙති.