ඥානසාර හිමියන්ට මඩ ප්‍රචාර ව්‍යාපාරය ඒකාබද්ධ විපක්ෂයේයි
බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ආගමික කටයුත්තක් සඳහා ජපානයට වැඩම කර සිටින බව බොදු බල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සිටියි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජපාන සංචාරය අතරතුළදී එරට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් සහ භික්ෂුන් වහන්සේලා හමුවූ අවස්ථාවකට ජපාන විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීමක් මත, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිද සහභාගී වී ඇති බව එම සංවිධානය සඳහන් කරයි.
එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප භාවිත කරමින් ජනාධිපතිවරයා සමග ජපානයට ගිය ශ්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර හිමි ද එක්ව සිටි බව හුවාදක්වමින් මඩ ව්‍යාපාරයක් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ද පිරිසක් විසින් අන්තර්ජාල මාධ්‍ය තුළ දියත් කරමින් සිටින බවද එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙවැනි මඩ ප්‍රචාර බොදු බල සේනා සංවිධානය විසින් දැඩිව හෙළා දකින අතර බවත් නොමග යවන ප්රචාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


