පසුගිය 20 වැනිදා රාත්රියේ දී තමන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගත් උත්සාහයට විරෝධය පළ කරමින් මහනුවර මල්වතු විහාර භූමියේ දී උපවාසයකට සැරසීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කටයුතු කළහ.
ඊයේ (21දා) පස්වරුවේ මල්වතු මහ නාහිමියන් බැහැ දැක තමන්ට අසාධාරණයක් සිදුවන බවත් ඊට එරෙහිව තමන් විහාර භූමියේ දී උපවාසක් කරන බවත් ඥානසාර හිමියෝ දැන්වූහ.
එහිදී මල්වතු මහනායක හිමියන්ගේ අදහස වී ඇත්තේ එවැනි කටයුත්තක යෙදීම උචිත නොවන බවයි. කෙසේ වුවද උපවාසයක් සිදු කිරීමේ අරමුණ ඇතිව ඥාණසාර හිමියෝ ඊයේ රාත්රී 07 පමණ වෙද්දීත් මල්වතු මහ විහාරයේ රැඳී සිටියහ.
උන්වහන්සේ උපවාසයකට සැරසෙන බව සැලවී බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයන් රැසක්ද විහාර භූමියට රැස්ව සිටිහ.
පේරාදෙණිය සෙනරත් බණ්ඩාර