රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර තුනක කාලයක් සඳහා ජපන් රජයෙන් වීසා ලැබී තිබෙන බවත්, ඒ අනුව ධර්ම ප්‍රචාර කටයුතුවල යෙදීම සඳහා පසුගිය 09 වැනිදා උන්වහන්සේ එරටට වැඩම කළ බවත් බොදුබල සේනා සංවිධානය පවසයි.
මීට මාස තුනකට පෙර ලැබුණු එම වීසා සහනය ක්‍රියාත්මක වීම සඳහා මාස තුනක් ඇතුළතදී ජපානයට වැඩම කළ යුතුව තිබූ බවත්, එම ගමන නොවැඩියේ නම් වීසා සහනය අවලංගු වීමට ඉඩ තිබූ බවත් එම සංවිධානය සඳහන් කරයි.
පසුගිය කාලය පුරා ඥානසාර හිමියන්ට එරෙහිව තිබූ නඩු කටයුතු හේතුවෙන් ජපන් ගමන අතපසු වූ බවත්, පසුගිය 07 වැනිදා දිවයිනෙන් පිටත් වීමට අවශ්‍ය කටයුතු යොදා තිබුණද, මහනුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධිය හේතුවෙන් එම ගමන 09 වැනිදාට යොදා ගැනීමට සිදුවූ බවත් බොදුබල සේනා සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.