බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මරණ තර්ජන ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා උන්වහන්සේගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස එම සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
එම ලිපියෙහි මෙසේද සඳහන් වේ, අන්යාගමික ස්ථානවලට පහර දෙමින් ජාතිවාදී හා ආගම්වාදී කෝලහල ඇතිකර එමගින් මෙම ජීවිත තර්ජන සාධරණීකරණය කිරීමට සැලසුම් කර ඇති බව අපට දැනගන්නට ලැබී ඇත. ඒ සඳහා බන්ධනාගාර ගත පාතාල සාමජිකයන් යොදා ගෙන හෝ රාත්රී කාලයේ ගමන්කරන විටක අන්යාගමික ප්රදේශයක කලබලයක් ඇති කර ජීවිත තර්ජනයක් ඇති කිරීමට සැලසුම් කර බවට අපට තොරතුරු ලැබී තිබේ.
යම් හෙයකින් උන්වහන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමෙන් ඥානසාර හිමියන්ට යම් අනතුරක් වුවහොත් ඒ පිළිබඳ වගකීම ජනාධිපති ,අගමැති ප්රමුඛ රජය විසින් බාර ගතයුතු වන්නේය.