ජෝර්දානයේ, කරාක් නගරයේ පෞරාණික රාජ මාලිගයක් වෙත ඇතුළු වූ අන්තවාදියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් කැනේඩියානු සංචාරකයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
හඳුනා නොගත් මෙම තුවක්කුකරු එම පෞරාණික රජ මාලිගයට ඇතුළු වී එහි පොලිස් මුර පොළ වෙත වෙඩි තැබීමට පෙර, මුර සංචාරයේ නිරත පොලිස් නිලධරීන් වෙතද වෙඩි ප්රහාරයක් එල්ල කර තිබේ.
එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී සංචාරකයන් කිහිප දෙනෙකු මාලිගය තුළ ප්රාණ ඇපකරුවන් බවට පත්ව සිටියත්, මේ වනවිට ඔවුන් බෙරාගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
මෙම ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණි. කෙසේ වෙතත්, ප්රහාරයෙන් පුද්ගලයන් නවදෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූවන් මීට වඩා වැඩිවිය හැකි බවද ඇතැම් වාර්තා පවසයි.