නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බහුතර පිරිසක් අත්සන් කර මේ වන විට කථානායකවරයාට බාරදී තිබෙන විශ්වාසභංගයට අනාගතයක් නොමැති බවක් පෙනෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනාවැකි පළ කළේය.
'මට පේන්නේ ඒකට අනාගතයක් නෑ වගේ. දේශපාලන ලෝකේ ඔය වගේ තමයි. අව්ව වැස්ස වගේ වළාකුළු වගේ. එනවා යනවා' යැයි ජනාධිපතිවරයා ඊයේ මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ දී ජෝන් අමරතුංග මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ ව සඳහන් කළේය.